කාලෙකට ඉහතදී X-Aurora කියන Browser එක ගැන ලොකුවට කථාබහක් ගියා. ඒ අතරෙ මඩ කැම්පේන් එකකුත් ගියා. මේකට මුල් වුනේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය (SBU) කියන බොළද තරුණ කණ්ඩායමයි. ඔවුන්ගේ පුද්ගලික බ්ලොග් සටහනින් යොමුකල ප්‍රශ්න කිහිපයකට පිළිතුරු අපි ස්වාධීනව සොයා බැලුවා. එම ප්‍රශ්න වලට පිළිතුරු ඉදිරිපත් කිරීමෙන් පසුව Comments දමපු පුද්ගලයන්ටත් පිළිතුරු දීමට අපි සැදී පැහැදී සිටිනවා.
1) X-Aurora “Kernel Mode” ධාවනය වන බව සනාථ කිරීම I
මෙම මාතෘකාව ප්‍රථමයෙන්ම ඉදිරිපත් කිරීමට පෙළඹුනේ හර්ෂදේව ආරියසිංහ සහ Anonymous Skywalker (ගුවනේ ඇවිදින පිසාචයා) X-Aurora Kernel මත ධාවනය නොවන බව ඔප්පු කිරීමට ගත් අසාර්ථක උත්සාහයට පිළිතුරු වශයෙනි. අපි මේ ගැන කෙළින්ම ආචාර්ය සමීර මහතාගෙන් විමසීමක් කලා. එතුමා ලබා දුන් පිළිතුර ඔබට ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු.
Read the rest of this entry »





